Thursday, June 23, 2011

"කෙටිම කෙටි කතාවක්" -අවසාන කොටස-

 6.

මට මහා අමුත්තක් දැනුනා.විසල් ආවා නම් ඉස්සෙල්ලම මට ඇවිත් සුබ පතන බව මං දැනන් හිටියා.ඒත් හැමෝම එයාව බලන්න යන්නේ ඇයි කියලා නොහිතම මාත් ඒ රෝහල් කොරිඩෝව දිගේ දුවගෙන ගියා.ගිලන් රථයකින් ආව ලෙඩෙක් රෝහල ඇතුලට අරගෙන යනවා පෙනුනත් ඒ වටේ හිටපු පිරිස වැඩි නිසා කොයි වගේ කෙනෙක්ද කියලවත් මට පෙනුනේ නෑ.
    ඒ අතරෙ කව්දෝ මගේ නම කියනව අහුනා.
"පාටලී.."
"මිස්...,කෝ ඩොක්ට..අර ලෙඩාව බලන්න ගියාද..?"
"පාටලී එන්න මාත් එක්ක.."
"මාව ඩොක්ට ඉන්න තැනට එක්ක යන්න මිස්.."
"හරි මං මේ ආවේ ඒකට තමයි....එන්න මාත් එක්ක.."
මට තේරුම් ගන්න බැරි මොකක් හරි අමුතු දෙයක් මේ වෙනකොට සිද්ද වෙමින් තියෙන්න කියලා මට තේරුනා.. මොනවා වුනත් මං එහෙම්මම ඒ පැත්තට අවිදගෙන ගියා.අපි නැවතුනේ මීට දවස් කිහිපයකට කලින් මං ජීවිතේ අමතක නොවෙන මොහොතක් ගත කල තැනක.මට ඉබේටම ඒ නාම පුවරුව දිහා බැලුනා.දැඩි සත්කාර ඒකකය
   
"මිස් ඇයි..අපි මෙතනට..."
"ඇතුලේ ඩොක්ට ඉන්නවා,....ඔයාට කතාකරන්න ඕනෙ කිව්වා..පාටලී..ඔයා යන්න ඇතුලට.....ඩොක්ට ගාව කාටවත් ඉන්න එපා කියලා තියෙන්නේ...තව ඩොක්ට කෙනෙක් විතරයි ඉන්නේ.."
"ඒත්..ලෙඩෙක් බලන කොට මං ඇතුලට යන එක හොද නෑ නේද මිස්..?අපි මෙතන ඉමු ටිකක් වෙලා.."
"පාටලී මට මීට වඩා කියන බෑ...යන්න ඇතුලට.."
මට තේරුනා මේ වෙන්නේ හැමදේකම තේරුම් ගන්න බැරි දෙයක් බව.දැඩි සත්කාර ඒකකය ඇතුලේ විසල් පේන්න නොහිටියත් රෝහලට ටිකකට කලින් ගෙනාව රෝගියෙක් ඇදේ ඉන්න බව මං දැක්කා.
දෙවියනේ......ඒ හිටියේ විසල්.....
"ඩොක්ට..."
"පාටලී..."විසල්ට කතාකරගන්න පුලුවන් කමක් තිබුනේ නෑ.
"ඩොක්ට..මොකද මේ වුනේ.."මගේ ඇස් දෙකෙන් කදුළු ගලාගෙන යද්දිම මං ඩොක්ට ලගට ගියා.
"පාටලී..මං මේ ලෝකෙට ඇවිත් කරන්න තිබුන වැඩේ ඉවරයි..දැන් මං.."
"ඩොක්ට.....මේ මොකද..වුනේ.."
"විසල් ඔයා.......කතාකරන්න එපා.."එතන හිටපු අනිත් වෛද්‍යවරයාගේ කටහඩ.
"මට වැඩි වෙලාවක් නෑ ..පාටලී....මේක කියවන්න.......මං කිව්ව දේවල් අමතක කරන්න එපා.."
"අනේ ඩොක්ට........"
ඒ මොහොතෙම විසල්ගේ අම්මා,ඒ වගේම ඒ වෙලාවෙ අවිත් හිටපු එයා දන්න හැම කෙනෙක්ම ලගට ආවා.මට කිසිම දෙයක් තේරුම් ගන්න වෙලාවක් තිබුනේ නෑ.
"පාටලී.."
"ඩොක්ට......"
විසල්ගෙ ඇස් දෙක පියවුනේ මගේ ඉස්සරහදිමයි..විස්ලගෙ අම්මා...කෑගහපු හඩින් මුලු රෝහලම දෙවනත් වුනා.විසල් මට දුන්නේ මොකද්ද කියලවත් මට බලන්න තරම් සිහියක් තිබුනේ නෑ.

ඊට දවස් දෙකකට පස්සේ මූසළ හැන්දෑවක විසල් අපි හැමෝගෙන්ම සමු අරගෙන නුවර කනත්තෙදි අවසන් ගමන් ගියා.ඒ වෙනකොට විසල් මං වගේම පිළිකා රෝගියෙක් බව මට දැනගන්න ලැබිලා තිබුනේ.කාලය ඔහේ නැවතිලා තිබුනා වගේ වුනත් මට නොදැනිම දවස් ගානක් ගතවෙලා තිබුනා.අන්තිමට දවසක් මාව මුනගැහෙන්න හුරුපුරුදු මුහුනක් ඇවිත් තිබුනා.
"මිස්...මට .."
"හරි පාටලී..මරණෙ වැඩත් එක්ක අපිත් ටිකක් කලබලවෙලා හිටියේ..,ඔයා නාවත් ඔයාගේ රිපොර්ට්ස් ටික දෙන්න මං මෙහේ එන්න හිටියේ.."
"දැන් ඕවයෙන් වැඩක් නෑනේ..මිස්"
"ඔව්..ඒත් මටත් ඔයා එක්ක ටිකක් කතාකරන්න එන්න හිතුනා..ඔයයි ඩොක්ටයි දෙන්නාම නැති වාට්‍ටුව පාළුයි පාටලී...."මගේ දෑස් අග හීන් කදුළක් මෝදු වුනා.
"අඩන්න එපා පාටලී..ජීවිතේ ඔහොම තමයි.."
"මටත් මිස් මුනගැහෙන්න ඕනෙවෙලා තිබුනේ...ඒත් ගෙදරින් එලියටවත් බහින්න මට හිතුනෙ නෑ.."
"හ්ම්..කමක් නෑ මං දැන් ආවනේ.."
"ඩොක්ට ඇයි මට මේ දේවල් නොකිවෙ මිස්...අඩුම තරමේ මට...එක පාරක් කිව්වා නම්...මටත් එයාගෙ හිත හදන්න තිබුනා...මාව සනීප කලා වගේ එයාත් සනීප වෙන්න උත්සාහ ගත්තෙ නැත්තෙ .."
"පාටලී...අපිත් ඔය ගැන දැනගත්තෙ එදා ඩොක්ට..සිහිනැතිවෙලා වැ‍ටුන වෙලාවෙ..ඔයාගෙ ඔපරේශන් එකට හුගක් මහන්සි වුන නිසා කියලයි අපි හිතුවේ..ඒත් ඩොක්ටට සිහිය ආවෙ නෑ.."
මට හැමදෙයක්ම මැවිල පේන්න පටන් ගත්ත.
"හැමදේම වෙනස් වුනේ ඊට පස්සේ පාටලී..ඩොක්ටගෙ ගෙදරින් ආවම අපිට දැනගන්න ලැබුනා ඩොක්ටත් මේ වගෙම පිලිකා රෝගියෙක් කියලා....ඒත් එයා ඒක කාටවත් නොපෙන්න ඔයාගෙ ජීවිතෙ බේරන්න මහන්සි වුනා.......ඩොක්ටට තිබුනෙ  සනීප වෙන් නැති තත්වයෙ පිළිකාවක්...."
මගේ ජීවිතේ කවදාවත් වියැකිලා නොයන වේදනාවක්  එක්ක විසලගේ  රූපය සදහටම වියැකිලා ගියා.

ප.ලි
දයාබර පාටලී...
මේ සටහන ඔබ කියවන මොහොත වනවිට මා ඔබෙන් බොහෝ දුර ඈතට නික්ම ගොස් තිබෙනු ඇත.ඒනමුත් මගේ මතකයෙන් කිසිදින ඔබ වෙන්වී නොයන බව මා විශ්වාස කරමි.මරනයෙන් අවසන් නොවන සදාදරණීය මතකයක් ඔබ ගැන මා සිතේ තැන්පත්ව ඇත.මා ඔබ මුලින්ම දු‍ටු දින ඔබ කෙරේ කිසිදු විශේශත්වයක් නොදු‍ටුවත්,දිනෙන් දින මරණය දැක සිනාසුන ඔබ දකින තෙක්ම මා ගැන..මගේ ජීවිතය ගැන .......පසුතැවුනේ මන්දැයි සිතීමි..මා ජීවිතයේ බොහෝ දේ ලබා සිටියදී මිය යන්නට බියවීමි..එහෙත් ඔබ මෙලොව සුන්දරත්වය දකින්නටත් මත්තෙන් ජීවිතය අත්හැරීමට සූදානම්ව සිටි අයුරු මා තදින් කම්පනය කරවන්නක් විය...කාලය ගතවෙද්දී මා ඔබ තුලින් ජීවිතයේ කිසිදාක නොදු‍ටු සුන්දරත්වයක් දු‍ටුවෙමි.

ඔබ තරම් සුන්දර යුවතියකට දෛවය මෙතරම් කුරිරු වූයේ මන්දැයි මට නිතරම සිහිවිය,මා සුවකල නොහැකියැයි වෛද්‍යවරුන් අවසානයට නිගමනය කල දින මා බොහෝ බියවීමි.ඒ වනවිට ඔබ සුවකිරීම උදෙසා කල සියලු උත්සාහයන්ද සාර්ථක නොවන තත්වයෙන් පසුවුන බැවින් ඔබ මා අබියස මිය යන මොහොත මට සිහිනයක් මෙන් නිතර පෙනෙන්නට විය.මා ඔබට ආදරය කල බව කිසිදා ඔබට නොකියන්නට සිතා සිටියද..ඔබ මිය යා හැකියැයි සිතුන දින ඔබට එය නොකියා මාද මෙලොවින් සමුගත යුතු නැතයි මාසිතුවෙමි.එනිසා ම එදා මා එය ඔබට කීමට තීරනය කලෙමි.එනමුත් පසුව මා ඔබ සුව වනු දකිත්ම මා කල දෙය වැරදි යැයි තේරුම් ගතිමි.ඔබ නැවත ජීවත් වන විට මේ මතකය හිරිහැරයක් වනු ඇත.නමුත් සියල්ල සිදුවී අවසානය.ඔබට මා ආදරය කල බව දැනගත්තද මා මියයන බව ඔබ දකිනා දින යලිත් වේදනාවක් පමනක් ඉතුරු වන බව දනිමි.ජීවිතය මෙසේය.යලිත් ඉර නැගී බැසයනවිට ඔබේ මතකයෙන් මා දුරස් වනු ඇත.ඒනමුත් මතු සසර යලි අපි හමු වේ යැයි පතමි.ඔබට ජීවිතය සතුටින් ගතකල හැකිබව මා දනිමි.එයට සුබ පතමි.
මීට...විසල්.
-----------------------------------------------------------------------------
විසල් මියගොස් වසර ගනනාවක් ගතවිය,තවමත් ඔහු මගේ මතකයෙන් වියැකී නොයා අතීත සුවදක්ව සැරිසරන බව මට දැනේ.මෙය ඇරඹුමක්  හෝ අවසානයක් නොවන්නේ එනිසාමය.

5 comments:

Damith Sriyantha said...

අනේ මේ වගේ දෙයක් නම් කිසිම දවසක කාටවත්ම වෙන්න එපා.කතාව නම් නියමයි BEST
තවත් කතාවක් ඕන ..................................

Tharindu said...

කතාව නියමයි...අවසානයේ කියවන්නාට කුතුහලයක් ඇති වන පරිදි අවසානයක් කතාවට ලබාදී තියෙනවා...
තවදුරටත් හැකියාව දියුණු වෙන්න කියාලා ප්‍රර්ථනා කරනවා..

hope n to see another story from you!!

Shashika said...
This comment has been removed by the author.
Unknown said...

අක්කි.. මාර ලස්ස්නයි.. නියමයි අක්කි.. ඇඩෙනවා.. :)

Unknown said...

අක්කි.. මාර ලස්ස්නයි.. නියමයි අක්කි.. ඇඩෙනවා.. :)

The Hidden Beauty

Ella…the lonely planet of mother Sri Lanka and where you get pure breathing free of charges. This is located south eastern hills in the c...

About Me

My photo
Colombo, Western, Sri Lanka
Life is full of incidents where you feel happy and sorrow in each phase,I like to write my thoughts and that makes me free and relief.Invite you all to enjoy my words here...