සිතුවිලි...!!!

ඔබ සදක්'මැයි.....













--------------------------------------------------------------------------------------------------------
මා සයුර වී.......















--------------------------------------------------------------------------------------------------------
සිහිනයක් වී නොයනු මැන..සබදේ.....!!!

--------------------------------------------------------------------------------------------------------------
පැතුම....

දිනෙක හමුවෙවි...
මෙලෙසම යලිත්..
වෙන්වෙන බව නොදන....
තවත් දිනයක.....
සිනාසී මේ මගම..
එනිසාම ........
නොපතමි මම..
ඒ හමුවීම...
වෙන්වෙන්න නොපතන නිසාම..

----------------------------------------------------------------

අල්තිනායි නුඹ.....
අල්තිනායි නුඹ.....
සමුගැනීමට.....දයාබර ගුරුතුමාගෙන්.....
නොහැකිවා මෙන්....
ඈතට ඇදුන දුම්රියෙන්......
දෑස් දිගුකර බලනු....එදවස..
නුදු‍ටුවා නොවේ මම.....
නුඹ නොමැති අලුයමට...
නොදැනුනා..නොවේ..
තනිකමක් මට.......
ඈත කදු මුදුන මත...
පොප්ලර් ගස්.....යුවළ...
නුඹ නැතත් සිහිකළා මට..
දයබර නුඹේ ස්නේහය....
අයිලයේ මායිමක...
ගොඩගැසුන නුඹේ මතකය....
පෑරුවත් හද...නිබදවම....
දැනසිටියෙමි..මම..
හිරු නැගී බැස යන විට.....
නුඹේ මතකයෙන් මා.දුරස්වන වග...
එනමුත්..මතුදිනෙක,........
ජීවිතය.....නුඹෙන්.....අතීතය විමසනා දින..
ආයෙත් මේ මිටියාවතට...
තව එක වරක් පැමිනෙණා බව නුඹ........
මේ තුරුපත් පවා...
කොදුරමින් කිව්වා මට,....
    -මේ ආදරණීය දුයිශෙන්-

----------------------------------------------------------------------------------


Love Is...............!!


ආදරය නම්.....
ලුහුබැදීම නොව....
රිසි සේ පියාසලනට ඉඩදීම බව..
තෙරුම් ගත් දිනක නුඹ..
ආදරය නම්......
සිනහවක සේම..
කදුළකද......තනි ‍රැකීම බව..
වැටහුන දිනක නුඹ...
ආදරය නම්...
අහිමිවු හදකට..
අවමන් කිරීම නොව........
සුබපතා වෙන්වීම බව.......
සිතුන දිනක නුඹ...
පවසන්න යලිත්.....ඔබ
ආදරෙයි කියා මට..!


----------------------------------------------------------------------------------


The Hidden Beauty

Ella…the lonely planet of mother Sri Lanka and where you get pure breathing free of charges. This is located south eastern hills in the c...

About Me

My photo
Colombo, Western, Sri Lanka
Life is full of incidents where you feel happy and sorrow in each phase,I like to write my thoughts and that makes me free and relief.Invite you all to enjoy my words here...