Stories of my thoughts..!!!

කෙටිම කෙටි කතාවක්....!


1.




හන්තාන කන්දෙන් හමන් එන අලුත් සුළං ‍රැල්ලක් මාව පහුකරන් ඈතට ඇදිල ගියා.ඒ සුළගෙ වෙනදා නොදැනුන අමුතු සීතලක් දැවටිල තිබුනා.එහෙම්මම මං වැව රව්මෙ වාඩි උනා.වැවේ වතුර අතරින් මැවුනෙ අතීතයෙ මේ වෙගෙම දවසක්...
මේ වගෙම දවසක එදා වැව රව්මේ අත්වැල් පටලන් අපි ඇවිදගෙන ගියා.ඒ..... ජීවිතේ කිසිම බලපොරොත්තුවක් නොතිබ්බ ගන්ඩබ්බ අවඩියක්...එහෙමයි මට අදටත් හිතෙන්නෙ.එත් ඒ කාලෙ හිතට නොදැනුන අමුතු දුකක් දැන් මගෙ හිත ඇතුලෙ හිරවෙලා වගේ දැනෙනව.කවදාවත් ආයෙ නොයෙන ඒ අතීතෙ පුරාම අදත් මං දකින්නෙ එකම එක රූපයක්..ඒ නුඹයි..නුඹගේ සිනාවයි,......ඇස් අගට මෝදු වුන කදුළක් මං කාටවත් පේන්න කලින් හෙමිහිට පිහදැම්ම.අයිතමාව්ගෙ ගුරු ගීතය,තොල්ස්තොඉගෙ විප්ලවකාරි පොත් කියවපු මං අදටත් හිත හදාගත්තෙ නැත්තෙ ඇයි කියලා මටම නොතේරුනට නුඹ කොහේහරි ඉදන් මං දිහා බලන් ඉදී කියල මට දැනෙනව..ඒ ජීවිතේ තවත් යුගයක් බව නුඹ සැරින් සැරේ කනට කොදුරද්දි ආයෙමත් මං පරන පුරුදු විදියටම අතීතේ තනි වෙනව.
 
       "ඒක ලේ පිලිකාවක්"                                                                          
"දෙවියනේ....!"
මට දැනුනෙ මුළු ලෝකෙම එක "තැනක නැවතුනා කියල විතරයි.කාලය ඔහේ ගලාගෙන ගියා,මගේ ජීවිතේට කිසිම බලපොරොත්තුවක් නැතුව,කිසිම අරමුණක් නැතුව..බෙහෙත් ගද මට ගදක් නොවෙන තරමට රෝහලේ ජීවිතේට මං හුරු උනා.මරණය දැක දැක ජීවත් වෙද්දි හිතට දැනෙන කළකිරීම ඇරෙන්න වෙන කිසි දෙයක් නොදැනෙන තරමට මං      මගෙන්ම ඈතට ගිහින් තිබුනේ.
"පුතේ....අද අර අළුත් ඩොක්ට එනව.."
හැමදාම මට නැතත් අම්මට අලුත් බලපොරොත්තුවක් තිබුනා.ඒ මං ආයෙ වෙනද වගෙ ගෙදර ඇවිත් අපෙන් ඈතට ගිය සතුට එක්ක ජීවත් වෙයි කියන අහිංසක හැගීම.
"කොහොම උනත් අම්මෙ මං දවසක මැරෙනව..එකම දුක මං නිසා තව අය විදවද්දි මට යන්න වෙන එක...."
"නෑ පුතේ ....නෑ..මේ ඩොක්ට හුගක් මේ වගෙ ලෙඩ්ඩු සනීප කරල තියෙනවා..."
අම්මගෙ ඇස් දෙකෙම කදුළු..කාටද මේ වගෙ දුකක් හිනාවෙවි දරාගන්න පුලුවන්?...එත් මං මොනව කියන්නද?.
"බලමු අම්මෙ එහෙනම්..සමහරවිට මට සනීප වෙයි"
යථාර්ථය මේ තරම් මගෙ හිතට වද දෙන බව .....ජීවිතේ තව කිසිම වරෙක මං එක්ක හිනා නොවෙන බව දැන දැන වුනත් මං එහෙම කිව්වෙ, ඒ වචනෙන් වුනත් අම්මගෙ හිත හැදෙන නිසා.
අලුත් ඩොක්ට කෙනෙක්..ඒත් පරණ මං ඒ අලුත් වෙදකම ඉදිරියෙ වුනත් තවත් එක් රෝගියෙක් විතරක් වෙන බව මට හිතුනා.
"පාටලී...ගුනවර්ඩන.."
"ඔව් ඩොක්ට,මේ පාටලී මාස හයකට කලින් මෙහෙට ආවෙ, ඉස්කෝලෙදි සිහි නැති වෙලා වැටිල..ඒ වෙලෙ තමා හොස්පිට්ල් ඇඩ්මිට් කලේ"
ඒ මගෙ තනි නොතනියට හරි කතාකරන්න හිටිය හෙදියක්,මට හුගක් කරුණාවන්ත වුන කිහිප දෙනෙක් අතරෙ ඇයත් මට සහෝදරියක් වගෙ.
"හ්ම්...එහෙනම් පාටලී..අපි බලමු..මීට වඩා දරුණු තත්වයෙ පිලිකා ලෙඩ්ඩු මං සනීප කරල තියෙනවා..ජීවිතේ එහෙම නිකම්ම අතාරින්න ඔයාට බෑ.."
ඒක අමුතු හිනාවක්..එහෙමයි මට හිතුනේ.


"ඩොක්ට මං දන්නව මට ආයෙ කවදාවත් ගෙදර යන්න ලැබෙන් නෑ.."කදුළු අතරෙන් මං අමාරුවෙන් හිනාවෙල කිව්ව.


 2.
"කව්ද පාටලීට එහෙම කිව්වෙ?"
ඒ තිබුණෙ හිනාවක් එක්ක ඇදුන පුංචි තරහක්..
"නෑ .."
"නෑ ..බෑ නෙමෙයි..මං හිතනවා ඔයාට සනීපවෙලා..ගෙදර යන්න පුලුවන් වෙයි..මාව විශ්වාස කරන්නකො.."
කොහොම වුනත් එදා මගෙ හිතේ අලුතින් කිසිම විශ්වාසයක් ඇති වුනේ නෑ.මරණය පිළිගන්න මග බලන් හිටිය වුනත් ජීවිතේ ගැන පුංචිම පුංචි හරි ආදරයක් මං ලගත් තිබුනා.හිතේ හීන ඔක්කොම වගේ ඈතට යද්දිත් මං ආයෙමත් හදුවෙ සතුටින් ඉන්න..ජීවත් වෙන ටික දවස හිනාවෙලා ඉන්න.ඒ නිසාම කගෙවත් අනුකම්පාවක් ලග මං හුගක් අසරණ වුනා වගෙ දැනුණා..ඩොක්ට විසල් මගෙ බෙහෙත් හැම එකක්ම වගෙ වෙනස් කලා.නිවාඩු වෙලාවට මාත් එක්ක ජීවිතේ ගැන කතාකලා..සමහරවිට මං වගෙම අසරණ හිත් එක්ක මනුශ්යත්වය බෙදාගන්න ඩොක්ටට ඔනෙ වෙන්න ඇති කියල මට හිතුන.කාලය ගලාගෙන ගියේ වෙනද නැති ඉක්මනක් එක්ක.හැමදේම වෙනස් වුනා.රෝහලේ වුනත් අලුත් ගතියක්..වෙනස් රූපයක් දකින්න ලැබුනෙ විසල් නිසා.හැමතැනම දැක්ක දුක්මුසුකම අපි අතරින් ඈතට ගිහින් තිබුනෙ අපිටත් නොකියම.මං වගෙම තව ජීවිත විසල්ගෙ පැමිණීමෙන් වෙනස් වුනා.ඒ අතරෙ වැදගත්ම දේ වුනේ අවුරුදක් විතර අසනීප වෙලා හිටිය රෝගියෙක් සනීප වෙලා අපෙන් සමුඅරන් ආයෙමත් ගෙදර යාම.එදා හැම කෙනෙක්ගෙම හිතේ ලොකු බලපොරොත්තුවක ඇති වුනා.හෙට දවසක තමන්ටත් මේ වගේ ආයෙමත් සන්තොසෙන් ගෙදර යන්න පුලුවන් වෙයි කියල.එදා හවස ඩොක්ට මගේ හිතෙන් කවදාවත් අමතක නොවෙන අමුතුම කතාවක් කිවුවා.
"පාටලී.."
"ඩොක්ටර්.."
"හිතෙනවද ඔයත් ගෙදර යයි කියල..දැන්වත් මං ඔයාව සනීප කරයි කියල..?"
"මට තේරෙන් නෑ..සමහරවිට.."
"පාටලී...ඔයා කැමති නෑ..ජීවිතේ විශ්වාස කරන්න ..නේද?,,අපි හැමොම මේ ලෝකෙට ආවෙ යමක් කරන්න..ඒ දේ ඉවර වෙනකම් අපිට යන්න බෑ ,ඔයාට යන්න ඕනෙ වුනත් යනන් බෑ,තේරුනාද?"
"මං තව මොනවට ජීවත් වෙනවද ඩොක්ට?...අනික් හැමෝගෙම හිතේ දුකක් ඉතිරිකරනවා ඇරෙන්න???......."
"සමහරවිට පාටලී,.....මං ඔයාව සනීප කරලා......හමෝම මං ගැන කතාකරන දවස වෙකෙනකම් වෙන්නත් පුළුවන් නේද?"
ඒක හරියට හීනයක් වගේ පෙනුනත්,ඒ වචන ටික කියපු විදියට මට එකපාරම පුංචි හිනාවක් ආවා.
"එහෙම දවසක් ආවොත්..මං ගානේ ඩොක්ටට තව ලෙඩෙක් හොයල දෙනවා..එතකොට ....."
"විහිළුවට වුනත් ඒ වගේ කතාවක් කියන්න එපා පාටලී....මේ වගේ ලෙඩ්ඩු විදින දුක ඔයා දන්නවනේ..?..ලෝකෙ කිසිම කෙනෙක් මෙහෙම දුක් විදින්න හොද නෑ.."
"සොරී ඔච්ට..මං විහිලුවට.."
"කමක් නේ...දන් ඔයට බෙහෙත් ඩෙන වෙලව නේද? අපි හෙට බලමු ඔයාගෙ රිපෝට්ස්...."


 3.
එදා මට නොතේරුන හුගක් දේවල් අද මට එකින් එක තේරෙන්න ගත්තම හිතට දැනෙන්නේ දරා ගන්න බැරි දුකක්,වේදනාවක්.
    ඊට පස්සේ උදා වුනේ කලබලකාරි දවස් කීපයක්.මං ශ්ල්‍යාගාර ඇතුලේ,පරීක්ශණ දහස් ගනණක් අතරේ...මගේ ඇග අතුලේ තිබුන වේදනාව දවසින් දවස වැඩි වුනා.ජීවිතේ අන්තිම දවස් කියන හැගීමෙන් හැම වේදනාවකම දරාගෙන ඒ දවස් ගෙවුන හැටි මතක් වුනේ ඈතින් ඈතට ගිය ජීවිතේ අදුරුම කාලයක් විදියට.මං මරණයට ටිකින් ටික ළං වෙද්දී විසල්ගේ හැම බලපොරොත්තුවක්ම නැති වුනා විතරක් නෙමෙයි..මං වෙනුවෙන් ගතකල කාලෙත් ටිකෙන් ටික වැඩි වුනා,...මිනිස්සු ආදරේ කරනවා..ඒක ඇත්ත..ඒත් මරණය දකින ජීවිතයකට ආදරේ කරන්නේ කවුද..?විසල් මට ආදරේ කරන බව මං පිලිනොගත්තත් අන්තිමට හැම දේකම අවසානය දකිද්දී එක අදුරු හැන්දෑවක විසල් මගේ ලගින් වාඩිවෙලා මගේ ජීවිතේ අහපු වේදනාබරම..ඒ තරමටම සුන්දරම වචන ටික කියද්දී මට කරන්න පුලුවන් වුනේ හිත හැදෙනකම් අඩන්න විතරයි.තමන් සන්තක අන්තිම අරමුණත් අහිමි වුන අසරණ බවක් ‍රැදුන විසල්ගේ මූණ ජනේලෙන් ගලන් ආව මළානික අඩ අදුරින් මට යන්තමට පෙනුනා.
"පාටලී..මං විශ්වාස කලා ඔයා කවදා හරි සනීපවෙලා.......හිනා වෙලා යයි කියලා..ඒත්....."
"මට..කවදාවත් .....එහෙම යන්න බැරිවෙනවා නේද...ඩොක්ට???"

කියන්න වචන නැතුව ගොලුවෙලා හිටියත් ඒ ඇස් දෙකේ තාමත් මගේ ජීවිතේ ගැන විශ්වාසය දිළිසෙමින් තිබුන හැටි මට කදුළු අතරින් වුනත් පැහැදිලිවම පෙනුනා.
"මොනවා වුනත් මං තාම ඔයාගේ ජීවිතේ දෙවියන්ට බාර දීලා නෑ..අපි බලමු..ඒත් අද මං ඔයාට මේ තරම් කල් නොකිව්ව දෙයක් කියනවා...."
මට කෙලින්ම ඒ ඇස් දිහා බලන් ඉන්න ඕනේ වුනා,කියන ඕනෙම දයක් මට දරාගන්න පුලුවන් බව මං ඒ වෙදිදි දැනන් හිටියා.
"මං මේ තරම් කල් කවුරුවත් ගැන මෙහෙම හිතලා නෑ..හිතන්න ඕනේ වුනෙත් නෑ..ඇත්තටම ඉගෙන ගන්න...තව තව දේවල් හොයන් යනවා ඇරෙන්න මට ජීවිතේ වෙන අරමුණු තිබුනෙත් නෑ.."
"ඩොක්ට මෙහෙන් යන්නද හදන්නේ..?..."
එකපාරම හිත ඇතුලෙන් මහා ගිනිකන්දක් පිපුරනව වගේ දැනෙද්දි මං ඒ වචන ටික කිවුවා.
"නෑ පාටලී..මං කියන්න හැදුවේ ඒක නෙමෙයි..,මගේ හිතේ දැන් කෙනෙක් ජීවත් වෙනවා..මටවත් හිතන්න බැරි විදියට මං එයා ගැනම හිතනවා...."
"මං හිතුවා ඩොක්ට ආයෙමත් තව ඉගෙන ගන්න යනවා කියලා....ඉතින් කවුද ඒ කෙනා.....ඩොක්ට එක්ක ඉගෙන ගත්තු කෙනෙක්ද?.."
ඒ වචන ටිකෙන් වුනත් මට දුකක් දැනුනේ ඒ වෙද්දි මගේ හිතෙත් මිරිගුවක් විදියට හරි  විසල් ජීවත් වුන නිසා.
"පාටලී..ඒ වෙන කවුරුවත් නෙමෙයි.....ඔයා..ඔයාව මෙහෙදි දකිද්දි මට දැනුනේ ලොකු දුකක්......ඒත් කාලෙත් එක්ක ඔයා මගේ හිතේ ඉතිරිකලේ අමුතුම හැගීමක්..ඔයා ජීවත් වුනේ මරණය් දැක දැක වුනත්..හිනාවෙවී..ඒ හිනාව හැමදාම දකින්න මට අන්තිමට ඕනේ වුනා.."
"ඒත් මං මැරෙන්න ඉන්න බව දැන දැන ඇයි..මට.."
මට දරා ගන්න බැරි අමුතු හැගීමක් හිතේ ඇතිවෙද්දි මං ඒ ඇස් දිහා බලන් අන්තිමට අහුවා.
"ඒක තමයි මං කොහොමහරි ඔයාගේ ජීවිතේ බේර ගන්න හැදුවේ..ඒක ආත්මර්ථකාමී හැගීමෙන් කල දෙයක් නෙමෙයි...ඕනෙම කෙනෙක්ගෙ ජීවිතයක් මං පුලුවන්නම් බේරගන්නවා...ඒත් මේ හැමදේම මට මගේ  ජීවිතේ තරම්ම වැදගත් වුනා"
"මට තේරෙන් නෑ....කොහොමද හෙට මැරෙන කෙනෙක්ගේ ජීවිතයකට ආදරේ කරන්නේ කියලා.."
"ඔයා පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි....ඇත්ත.....මට කවදාවත් මේක නොකිය ඉන්නත් තිබුනා..ඒත් ඔයා තව එක දවසක් හරි  ජීවත් වෙන්න ඕන පාටලී...මං වෙනුවෙන් හරි.....දැන් මටත් බලපොරොත්තුවක් තියෙනවා..ඔයාගෙ ජීවිතේ ගැන,,"
"මට දාලා යන්න වෙන හැම දේ ගැනම මං ආසාව අතෑරලා තිබුනේ ඩොක්ට...දැන් මං මැරෙන මොහොතෙත්.."
"නෑ ඔයා තව ටික කලක් හරි ජීවත් වෙන්න ඕනේ....ඒක මගේ අන්තිම බලාපොරොත්තුව...මට තව එක දෙයක් කරන්න පුලුවන්..ඔයා ඒකට කැමති නම් විතරක්.."
"දැන් තව මොනවද ඩොක්ට කරන්න තියෙන්නේ??..අවුරුද්දක් ...තනිකරම අවුරුද්දක් මං ජීවත් වුනේ මේ අවසානය දකින්න නේද???...දැන් මට හුගක් මහන්සියි..හුගක්ම.....හැමදාම මං දෙවියන්ගෙන් ඉල්ලුවේ මට උපදින කිසිම ආත්මෙක ආයේ මෙහම වෙන්න එපා කියලා....කාටවත්ම නොදැනුනාට...මං හිතින් වේදනා වින්දා...."
"මට ඇයි නොතේරෙන්නේ..පාටලී..මං කොයි තරම් කාලයක් ඔයාට.....ජීව්තේ....ජීවත් කරවන්න........"
"ඔව් ඩොක්ට..ඒත්......මං ගදරින් ඈත් වෙලා.......මගේ යාලුවෝ හැමෝම......සතුටින් ජීවත් වෙද්දි...එයාලට වුනත් එයාලගේ ජීවිත තියෙනව...මං දන්නව මං තනිවෙලා.."
"හරි...ඔයාට අඩන්න හොද නෑ....දැන් අහන්න මං කියන දේ.."
ආයෙමත් ජීවිතේ ගැන කිසිම දෙයක් හිතන්න මට ඕන වුනේ නෑ.හැමදෙයින්ම ඈත් වෙන්න මට ඒ වෙද්දි පුදුම වුවමනාවක් තිබුනා.සැනසීම තිබුන එකම තැනට යන්න මට ඕනෙ වුනා.
"හරි මොකද්ද...මට අන්තිමට කරන්න කියන්නේ ඩොක්ට.."
මොහොතකට කලින් මගේ ජීවිතේට ආදරේ ගෙන ආව ඒ ආදරණීය මුහුන දිහා තවත් වරක් බලගෙන මං අහුවේ. ඒ ඇස් මගහරින්න බැරි නිසාමයි.
"අපි තවම පරීක්ශා නොකල අලුත් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා.......අපි ඒක අන්තිමට කරලා බලමු.ඔයා කැමති නම් විතරක්......ඒක මොන විදියෙ ප්‍රතිඵලයක් දේවිද කියලනම් මට පොරොන්දු වෙන්න බෑ..ඒකයි ප්‍රශ්නෙ.."
රෝහලේ ජනේලෙන් මං ඈත බැලුවා.තාමත් ඉර බැහැගෙන යනවා.හරියට මිනිස්සුන්ගේ ජීවිතත් මේ වගේම නේද?කියලා මට හිතුනා...උඩට උඩට පායලා ආවත් හවසට ඉර අවරගිරෙන් සමුගන්නම ඕන.ඒක නම් ඇත්ත අපි ඒ ඇත්තට ඇයි මේ තරම් දුක් වෙන්නේ.

 


4.


"පුතේ..."අම්මගෙ කටහඩ හීනෙන් වගෙ වුනත් මට අදුරගන්න අමාරු වුනේ නෑ.
මං එන්නම එපා කියලා තිබුන නිසා මිසක් මාව බලන්න නෑවිත් ඉන්න හිත හදාගන්න අම්මා කොච්චර ඉවසනවද කියල මං දැනන් හිටියා.
ඒත් කතාකරන්න තරම් පණක් නැතුව මං හුගක් අමාරුවෙන් අම්මා දිහා බලන්න උත්සාහ කලා.
"පාටලී"
ඒ විසල්...කවුරු කතා කලත් මට උත්තර දෙන්න බැරි වුනා.
ජීවිතේ මට මොනතරම් සරදමක් කරනවද කියල මට පලවෙනි වතාවට හිතුනා.මට කියන්න දාහක් දේවල් තිබුනත් මගේ කටින් එකම එක වචනයක්වත් පිට වුනේ නෑ.අම්මට නොතේරුනත් විසල්ට මේ හැමදේම තේරුම් ගන්න පුලුවන් කම තිබුන බව මට දැණුනා."
"පාටලී...සමහරවිට ඔයාට කතකරන්න ඕනේ වුනත් ..මේ වෙලාවෙ ඒක කරන්න බැරිවෙයි..බයවෙන්න එපා..පාටලී..අපි හැමෝම මෙතන ඉන්නවා"
මරණයට  මාව මේ වෙලාවෙ ගෙනියන්න දෙන්න එපා කියල මං දෙවියන්ගෙන් ඉල්ලුවෙ,මට අම්මට කියන්න..විසල්ට කියන්න තව හුගක් දේවල් තියෙනව කියල ඒ මොහොතෙ මට හිතුන නිසා.මගෙ ඇස් දෙකෙන් කදුළු ගලන් යනව මට දැනුනා.ඒ එක්කම ලෝකේ මගේ හතර වටේ කැරකෙනව දැනුනා විතරයි.මං ආයෙමත් ගැඹුරු නින්දකට යන බව තෙරුම් ගනිද්දිම මගේ ඇස් දෙක පියවුනා.


    ගතවුනේ දවස් දෙකක්ද..තුනක්ද කියාගන්න තරම් තේරුමක් නොතිබුනත් නොදැනිම ලොකු කාලයක් ගතවුන බව මට තේරුනා.ඉර නැගෙනවද...බහිනවද නොදැන කරුවල ලෝකෙක මං ජීවත් වුනා.ආයෙත් මට ජීවත් වෙන්න ලැබුනොත් කොයි තරම් දේවල් කරන්න තියෙනවද?...පියවි සිහියෙන් නොවුනත් මගේ හිතට එක එක විකාර දේවල් එන එක නවත්තන්න මට පුලුවන් වුනේ නෑ.
"පාටලී.."නුපුරුදු කටහඩක්.
"ඔයාට ඇහෙනවද .....පාටලී."
"මං.."
"හරි හරි..කතාකරල ඔයාට මහන්සි වෙන්න හොද නෑ."
එත් මට කතකාරන්න ඕනෙ වුනා.අම්මාව එක පාරක් බලන්න ඕනේ වුනා..විසල් කොහේ ඉන්නවා ඇත්ද...මට ආපහු සිහිය ආවේ  තවත් දවස් දෙකකට පස්සේ.
"අම්මා.."
"පුතේ..පුතාට වැඩිය කතා කරන්න හොද නෑ පුතේ."
"අම්මේ....මට..මොකද වුනේ අම්මේ...?"
හෙමින් හැමදේම මට මතක් වෙන්න ගත්තා.
------------------------------------------------------------------------------------------------------




විසල් අන්තිමට එයා දන්න අන්තිම ප්‍රතිකාරෙත් පටන් ගත්තා.මට දුන්න හැම බෙහෙතක්ම වෙනස් වුනා.ඒ හැම බෙහෙතක්ම මීට කලින් නොදැකපු වගෙම හුගක් සැර බව මට දැනුනා.අන්තිම ප්‍රතිඵලේ මොකක් වුනත්,මේ පරීක්ශන තව කෙනෙක්ගෙ ජීවිතේ බේරගන්න හරි උදව්වෙයි කියන හැගීම නිසා මං මේ දේට කැමති වුනත්,ඒ වෙද්දි මට වේදනාව නිසා ජීවිතේ කොහොමත් එපා වෙලා තිබුනේ.


"පාටලී.."
"හ්ම්..මට දැන් එපා වෙනවා ඩොක්ට.."
"බෙහෙත් අපි හිතුවටත් වඩා සැර බව ඇත්ත...ඒත්....දැන් මට විශ්වාසයක් තියෙනවා ඔයා ගැන,ඔයා වුන්න හැටියට දැන් හුගක් සනීපයි...ඒ වගේම මේ බෙහෙත් නිසා තාම ඔයාට අතුරු ආබධ මුකුත්ම නෑ..."
"මාත් දැන් අර ලැබ් එකේ ඉන්න මීයෝ වගෙ වුනා නේද....මේකත් එක පරීක්ශනයක්නේ.."
"ඔයාට දැනෙන දේ මට තෙරුම් ගන්න පුලුවන්,,,,ඒත් ඔයා වගේ හැමෝම හිතුවානම්..අද මේ තරම් ලෝකෙ දියුණු වෙන් නෑ...පාටලී..ඔයා මේ කරන්නෙ තව සිය දහස් ගානක් ජීවිත බේර ගන්න පුලුවන් වෙන මහා පිනක් කියලා හිතන්න.."
"එහෙම නොහිතෙනවා නෙමෙයි..ඒත් මට දැන්.....වෙලාවකට හිතෙනවා.......ගිය වතාවේ එක පාරම මැරිලා ගියා නම් මේ වේදනා මුකුත් නෑ නේද කියලා.."
"ජීවිතේ හුගක් සරල නම්...සැහැල්ලු නම්..දවසකදි අවසානෙට හැරිල බලද්දි..කිසිම තෙරුමක් නැති බව පේනවා..ඔයා දවසක ආයෙමත් අතීතෙ දිහා බලද්දි...ගෙවිල ගියපු කාලේ මතකය ,,..... ජීවිතේ තව අඩි ගානක් ඉස්සරහට තියන්න ලොකු හයියක් වේවි.."
"ඒ ඉතින් මං ජීවත් වුනොත්නේ...?"
විසල්ගෙ මුහුනෙන් මං කවදාවත් නොදැකපු තරමෙ කෙන්තියක් ගින්දර වගෙ දිලිසෙමින් තිබුන හැටි දැකල මං  කියන්න ආපු ඉතිරි වචන ටික එහෙම්මම නැවත්තුව.
"ඔයා අදටත් කිසිම විශ්වාසෙකින් නෙමේ ඉන්නේ..මං මටත් වඩා දැන් ඔයාගෙ ජීවිතේ විශ්වාස කරනවා..ඒත් ඔයා.."


විසල් ආපහු නොහැරිම රෝහල් වාට්‍ටුවේ ඈතට ඇවිදගෙන ගියා.
"පාටලී.."
"ඇයි මිස්..?
"අද ඔයාව ඔපෙරේශන් එකට ගන්නවා කියලා දන්නවා නේද..?"
"හ්ම්..මං බය නෑ මිස්..."
"මට මුනගැහුන.....හොදම ලෙඩා ඔයයි පාටලී..මං දන්නවා ඔයා හෙට වෙද්දි සනීප වෙනවා....ඔයාගෙ රිපෝට්ස් හොදටම හොදයි කියලා ඩොක්ට කිවුවා.
"ඔව් අදින් මොනවා හරි දෙයක් ඉවර වෙනවනම්..ඒකත් මට ලොකු සැනසීමක් මිස්"
"මුකුත් ඉවර වෙන් නෑ..පාටලී..ඔයාගෙ හැම කරදරයක්ම ඉවර වෙලා ඔයා ගෙදර යනවා.."
මගේ ඔලුව අතගාලා ඇය යන්න ගියත් මං මොකද්දො නොතේරෙන හැගීමකින් ඒ තීරණාත්මක මොහොතට ලෑස්ති වුනා.


5.



"පාටලී...ඔයාට බයක් දැනෙනවද?"
විසල් කොහොම වුනත් මටත් වඩා බයෙන් හිටියෙ.තමන්ගෙ අන්තිම උත්සාහය ගැන කොයි තරම් බලාපොරොත්තු තියන් හිටිය වුනත් එදා උදෙ ඒ ඇස් වල අමුතු තෙත් බවක් තිබුනා.විනාඩියෙන් විනාඩිය මගේ හිතේ නොතිබුන බයක් ටිකෙන් ටික ඇති වෙද්දි අන්තිම මොහොතෙත් අම්මාගෙ මූණ බලලා මං ඇස් දෙක පියා ගත්තා,
කිසිවක් නොදැනුන පැය ගනණක්.......!
_____________
සිතුවමක් වගේ හිතේ ඇදුන රූප පෙල බොද වෙද්දි මං ආයෙමත් ජීවත් වෙන්න පටන් අරන් තිබුනා.
අම්මා මගේ ලගින් හිටියේ මුලු ලෝකෙම තමන්ගේ අතට ලැබුනා වගේ හැගීමකින්...මං මේ ලෝකෙට ආපු දවසෙත් මේ වගෙම අම්මගෙ මූණ හිනාවෙන් පිරිල තියෙන්න ඇති කියලා මට හිතුනා.රොහලේ හුගක් අය මගේ ඇද වටේ බලාගෙන හිටියේ මේ සොයාගැනීම එයාලගේ නැතිවෙමින් යන ජීවිතත් ආයේ ලැබෙන බව තෙරුම් ගත්තු නිසාම වෙන්න ඇති,හැමෝගෙම මූනේ සන්තොසේ පිරිලා තිබුනා.ඒත් මට විසල් ඒ කිසිම තැනක නොපෙනුන එක මහා පුදුමයක් ගෙනාවා වගෙම ඉක්මනටම ඒ මූන බලන්න 
"පාටලී...ඔයාට බයක් දැනෙනවද?"
විසල් කොහොම වුනත් මටත් වඩා බයෙන් හිටියෙ.තමන්ගෙ අන්තිම උත්සාහය ගැන කොයි තරම් බලාපොරොත්තු තියන් හිටිය වුනත් එදා උදෙ ඒ ඇස් වල අමුතු තෙත් බවක් තිබුනා.විනාඩියෙන් විනාඩිය මගේ හිතේ නොතිබුන බයක් ටිකෙන් ටික ඇති වෙද්දි අන්තිම මොහොතෙත් අම්මාගෙ මූණ බලලා මං ඇස් දෙක පියා ගත්තා,
කිසිවක් නොදැනුන පැය ගනණක්.......!
_____________
සිතුවමක් වගේ හිතේ ඇදුන රූප පෙල බොද වෙද්දි මං ආයෙමත් ජීවත් වෙන්න පටන් අරන් තිබුනා.
අම්මා මගේ ලගින් හිටියේ මුලු ලෝකෙම තමන්ගේ අතට ලැබුනා වගේ හැගීමකින්...මං මේ ලෝකෙට ආපු දවසෙත් මේ වගෙම අම්මගෙ මූණ හිනාවෙන් පිරිල තියෙන්න ඇති කියලා මට හිතුනා.රොහලේ හුගක් අය මගේ ඇද වටේ බලාගෙන හිටියේ මේ සොයාගැනීමෙන් එයාලගේ නැතිවෙමින් යන ජීවිතත් ආයේ ලැබෙන බව තෙරුම් ගත්තු නිසාම වෙන්න ඇති,හැමෝගෙම මූණේ සන්තොසේ පිරිලා තිබුනා.ඒත් මට විසල් ඒ කිසිම තැනක නොපෙනුන එක මහා පුදුමයක් ගෙනාවා වගෙම ඉක්මනටම ඒ රුව දකින්න ලොකු වුවමනාවකුත් තිබුනා.


"අම්මා..විසල්..."මගේ කෙදිරීමට අම්මා එකපාරම ගොළු වුන බව දැක්කම හිතාගන්න බැරි බයක් මට දැනුනා.
"පුතේ ඩොක්ට ඊයේ උදේ මෙහෙන් පිටත් වුනේ.."
"කො..කොහාටද අම්මා...??"මගේ හිත මොහොතකට නතර වුනා වගෙ වුනා.
"එයාට ලංකාවෙන් යන්න වුනා පුතේ.."


මට හිතාගන්න බැරි වුනා.මොකද්ද මේ වෙන්න යන්නේ..?විසල් එකපාර ඇයි යන්න ගියේ.මං වෙනුවෙන් දින ගණන් නිදිමරාගෙන පරීක්ශන කරල..අන්තිමට මං සනීප වුන මොහොතෙ ඇයි එයා මටත් නොකියා ගියේ..? පිළිතුරු නැති ප්‍රශ්න ගොඩක් මැද මට ආයෙමත් හැමදේම හරියට තේරුම් ගන්න ඕනෙ වුනා.


තවත් එක සතියක් ගතවුනේ මට හිතන්න මාස ගානක දේවල් ඉතුරුකරලා.කිසිම කෙනෙක් විසල් ගැන හරි විස්තරයක් මට නොකියන එක හැමදේටම වඩා මගේ හිත රිදෙව්වා.මං නොදන්න දෙයක් හැමෝම දන්නවා කියන හැගීම මගේ හිත තවත් අසරණ කළා.
මට සම්පූර්ණයෙන්ම සුව වුනත් මේ සතිය මාව රෝහලේම තියාගත්තෙ විසල් කල මේ විශ්මිත සොයාගැනීම ගැන වාර්තා කරන්න එක එක රූපවාහිනි නාලිකා වලින් එන අයට මාත් එක්ක කතාකරන්න ඕනේ වුන නිසා වගෙම,මං හරියටම සනීපයි කියල තහවුරු කරන තවත් සුළු පරීක්ශන ටිකක් කරමින් පැවතුන නිසා.මේ වෙද්දි මගෙ ජීවිතෙත් සෑහෙන්න කලබලකාරි වෙලා.


හැම දවසකම හුගක් දෙනා මාව බලන්න ආවා.මගේ මරණෙට ඉන්න වුන්න හැමෝම ඇවිත් කියලා වෙලාවකට ජීවිතේ ගැන පුදුමයකුත් දැනුනා.ඒ වුනත් මට ආයෙමත් ජීවිතෙ අරන් දුන්න විසල් නැති ඒ දවස් කීපය හිතාගන්න බැරි පාළුවක් වගෙම දුකකුත් ගෙනාව.
"මිස්.."
"ඇයි පාටලී.."
"මට තේරෙන් නැත්තෙ ඇයි ඩොක්ට මට නොකියා ගියේ කියල..මං සනීප වෙනකන් එයා ජීවත් වුනේ මැරුන ගානට..ඒත්.."
"පාටලී..ඩොක්ට ඉක්මාට එනවා කියලා ගියේ..ඒ වගෙම මං දන්නවා එයා එනවා..ඒ නිසා ඔයා දුක් වෙන්න එපා..ඔයාට කියල යන්න තමා ඩොක්ට හැදුවේ..."
"ඉතින් ඇයි එහෙනම් මං සනීප වෙනකන් ඉදලා නොගියේ..??"
"යන දවසේ ඩොක්ට ඔයගේ දිහා හුගක් වෙලා බලන් ඉදලා ගියේ..මාත් එතන හිටියා ඒ වෙලාවෙ......ඔයාට අහුනේ නෑ කියලා දැන දැනත් ඩොක්ට කිව්වා..."
"මොනවද..?කිව්වෙ මිස්..?"
"කිව්වෙ මං එනවා පාටලී..ඔයා සනීප වෙලා මෙහෙන් යන්න කලින් මං එනවා..,කියලා කිව්වා"
"හ්ම්......"


හරියටම තව දවස් පහක් ගත වුනා.මට රෝහලෙන් සමුඅරන් ගෙදර යන්න තව එකම එක දවසයි තිබුනේ.විසල් ඉන්නකොට තිබුන සතුට රෝහලේ හැමොගෙන්ම ඈත්වෙලා ගිහින් බව හැම මූනකින්ම පෙනුනා.තමන්ගේ ලග නෑයෙක්ගෙ මලගමට ගිහින් ආවා වගේ හැමෝම නිහඩ වෙලා.මට මේ ගැන අහලම එපා වෙලා තිබුනේ.
රෝහලේ ගෙවෙන අන්තිම රාත්‍රිය උදා වුනා.
    ජීවිතේ තවත් එක යුගයක් හෙටින් නිමාවෙනවා නේද කියලා මට හිතුනා.මේ බිමට මං මීට මාස දහයකට කලින් ආවේ ආයේ කවදාවත් කලින් තිබුන ජීවිතේ නොලැබෙන බව දැනගෙන.ඒත් දෛවය මට ඒතරම් නපුරු වුනේ නෑ.ජනේලෙන් ඈත අහස පෙනුනා.විසල් අහස...........සද යන්තමට වළාකුළු අතරින් මුවා වෙලා....තරු එකක්වත් පායලා නොතිබුනේ සද එළියට සරදම් කරන්න වගේ...හෙටින් පස්සේ මට මේ අහස මේ වගේ පේන එකක් නෑ..සිහින් හිනාවක් මටත් නොදැනිම මං ලග නතරවෙලා.ආයෙමත් සුන්දර ජීවිතයක්....බෙහෙත් සුවද වෙනුවට ආදරේ සුවද මං රෝහලෙන් අරන් යනවා.හෙට විසල් එන බව මං දැනන් හිටියා.ජීවිතේ විශ්වාස කරන්න මං පටන් අරන්.........මට කවදා හරි ආයේ මතක් කරන්න............පුලුවන් කාලයක් මේ ගතවුනේ...සිතුවිලි අතරම මං නින්දට වැ‍ටුනා.


"පාටලී..,"
"හ්ම්...ගුඩ් මෝර්නින්ග් මිස්.."ඇය සිනමුසුව මගේ ඇද ලග..
"අන්තිම වතාවට නේ මට ඔය කියන්නේ............හ්ම්...ගුඩ් මෝර්නින්ග්...මට ඔයා ගියාම පාලුවෙයි පාටලී.."
"මං එන්නම් මිස්ව බලන්න.."
මට හුගාක් ලගින් මේ මුලුකාලෙම ඇය හිටිය බව කවදාවත් අමතක නොකරන්න මං හිතාගත්තා.
"ඔව්..පුලුවන් වෙලාවට අපේ ගෙදර එන්න.."
"එනවා මිස්...මං එනවා...."
ඒක දයාබරත්වයේ පොරොන්දුවක්.


මං ඔක්කොම දේවල් ලෑස්තිකරලා පිටත් වෙන වෙලාව ලන් වුනා.ඒත් විසල් ආවේ නැත්තේ ඇයි කියලා මගේ හිත ප්‍රශ්න කරන්න වුනා.
"අම්මෙ ..අපි ඩොක්ට එනකම් ඉමු..
හොදයි පුතේ.....ඩොක්ට අද ඒවි..අපි තව ටිකක් වෙලා බලමු.."
තවත් පැය කිහිපයක් ගෙවිලා ගියා.එකපාරටම රෝහලේ ලොකු කලබලයක් වගේ පෙනුනා.හදිසි අනතුරක් වෙන්න ඇති.අනේ අසරණ ජීවිතයක්.මේ වෙලාවෙ විසල් හිටියනම් කාටත් කලින් දුවන්නෙ එයා නේද කියලා මට හිතුනා.ඒත් හැම කෙනෙක්ම මේ තරම් හදිස්සියෙන් දුවන් යන එක මට මහා පුදුමයක් වුනා.
"පාටලී..ඩොක්ට ආවා..."
"කෝ මිස්...කොහාටද ඩොක්ට ආවේ..?"




                                

The Hidden Beauty

Ella…the lonely planet of mother Sri Lanka and where you get pure breathing free of charges. This is located south eastern hills in the c...

About Me

My photo
Colombo, Western, Sri Lanka
Life is full of incidents where you feel happy and sorrow in each phase,I like to write my thoughts and that makes me free and relief.Invite you all to enjoy my words here...